කෙසේ කියන්නද ඔබ මා අතහැර Lyrics
කෙසේ කියන්නද
ඔබ මා අතහැර
ඉවත ගියා.. කියලා..
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත්.. කියලා..
කිසිවකු කිසිවිට.. අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා..
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය.. කියලා..
කෙසේ කියන්නද
ඔබ මා අතහැර
ඉවත ගියා.. කියලා..
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත්.. කියලා..
සෙනෙහස බිඳුණද.. මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා..
මවිසින් ඔබ අත්..හලමි යි පවසමි
ලොවටම.. ඇසෙන නියා..
කෙසේ කියන්නද
ඔබ මා අතහැර
ඉවත ගියා.. කියලා..
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත්.. කියලා..