Walakulu Pelin Basinna

Walakulu Pelin Basinna

w d ariyasinghe
Walakulu Pelin Basinna Lyrics

වලාකුළු පෙළින්‌ බසින්න
ඇවිත් මල්‌ ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ.. මටද ආදරේ...

අසා වී මෙසේ තුන්යම
දිලී තාරුකා මල්දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ.. සුසුදු ආදරේ..

දේවතාවියක්‌ විලසින
පාන හස කැලුම්‌ නුබ ගැබ

දේවතාවියක්‌ විලසින
පාන හස කැලුම්‌ නුබ ගැබ
පතා ඉන්නෙමි සඳවත
නුඹගේ ආදරේ.. නුඹට ආදරේ...

අහස්‌ ගං කුසින්‌ බැස ගෙන
මිහිමතට එම්ද කෙලෙසින

අහස්‌ ගං කුසින්‌ බැස ගෙන
මිහිමතට එම්ද කෙලෙසින
රැඳී ඉන්නෙමි සැම දින
අහස්‌ ගං කුසේ.. දෙව්ලියක්‌ ලෙසේ..

දේවදාර තුරු පාමුල
තාම මම හිඳිමි තනිවම

දේවදාර තුරු පාමුල
තාම මම හිඳිමි තනිවම
දිනා ගන්නෙදෝ කෙලෙසින
නුඹගේ ආදරේ.. නැතිද ආදරේ..

තාරුකා වනේ සරමින
නුඹ නමින්‌ දිලෙමි සැම දින

තාරුකා  වනේ සරමින
නුඹ නමින්‌ දිලෙමි සැම දින
සදා හිනැහෙමී හිඳ ගෙන
අහස්‌ ගං කුසේ.. නුඹට ආදරේ..

මටද ආදරේ.. නුඹට ආදරේ..
මටද ආදරේ.. නුඹට ආදරේ..
මටද ආදරේ.. නුඹට ආදරේ..
මටද ආදරේ.. නුඹට ආදරේ..

Video thumbnail