මන්දාරම් වැහි වැටෙනා
හීතල හැන්දෑවේ..
මා අසලින් රැඳී.. උණුහුම ඔබ විය
නුඹයි මගෙ අම්මා..
සඳ හාවුන් හඬනා
කළුවර රාත්‍රියේ...
ආලෝකය දුන්.. සඳකැන් ඔබ විය
නුඹයි මගෙ අම්මා..
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි.. ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනය්.. සංසාරයේ.. මා නුඹ ළඟයි..
කුණාටු සාගරයේ
රැවල් බිඳුණු නෞකාවේ..
හබල ඔබයි පිළිසරණ ඔබයි
නුඹයි මගෙ අම්මා..
දාහය වෑහෙනා
ගිනියම් මද්දහනේ..
සෙවණ ඔබයි මද පවන ඔබයි
නුඹයි මගෙ අම්මා..
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි.. ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනය්.. සංසාරයේ.. මා නුඹ ළඟයි
අම්මේ මං නුඹට ආදරෙයි.. ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනය්.. සංසාරයේ.. මා නුඹ ළඟයි...