සීතල සරත් සමේ නැගි තරඳාන..
වියරුණු ගන අඳුරට පෙම් කෙරුවාද..
කුමරිය තනි යහනේ නිදි වැරුවාද..
තනිකර ආ මට නව පෙම් කෙරුවාද..
සීතල සරත් සමේ නැගි තරිඳාන..
වියරුණු ගන අඳුරට පෙම් කෙරුවාය..
පෙම් සුව සැඟවුණු පෙම සිත හඬවාය..
නුඹ නැති හැම රැයකම ගත උණුහුම්ය..
සයුරු සසල බව නිසලව දන්නේ වෙරළයි
සයුරේ රළ මුදු වෙරළට හැමදා රිදවයි..
සයුරු සසල බව නිසලව දන්නේ වෙරළයි
සයුරේ රළ මුදු වෙරළට හැමදා රිදවයි..
සයුර මමයි.. මුදු වෙරළ නුඹයි.. හරි පුදුමයි
හැවිලි හැවේ.. වල්මත් වූ මඟ කුමරාන
හීන ගහේ මල් පිපුණේ තව නැනිවාද..
හැවිලි හැවේ.. වල්මත් වූ මඟ කුමරාන
හීන ගහේ මල් පිපුණේ තව නැනිවාද..
හීන බිඳෙයි.. නෙතු නොහැර හිඳින්.. කුමරාන
සීතල සරත් සමේ නැගි තරඳාන..
වියරුණු ගන අඳුරට පෙම් කෙරුවාද..
කුමරිය තනි යහනේ නිදි වැරුවාද..
තනිකර ආ මට නව පෙම් කෙරුවාද..
සීතල සරත් සමේ නැගි තරිඳාන..
වියරුණු ගන අඳුරට පෙම් කෙරුවාය..
පෙම් සුව සැඟවුණු පෙම සිත හඬවාය...
නුඹ නැති හැම රැයකම ගත උණුහුම්ය...
සීතල සරත් සමේ නැගි තරඳාන....
වියරුණු ගන අඳුරට පෙම් කෙරුවාය
සීතල සරත් සමේ නැගි තරඳාන..
වියරුණු ගන අඳුරට පෙම් කෙරුවාය...