Pas maha balum balu

Pas maha balum balu


Pas maha balum balu Lyrics

පස්‌ මහා බැලුම්‌ බැලූ.. පුණ්‍යවන්තයන්‌ නෙලු..
පස්‌ කඳන්‌ රසේ ගිලූ.. මනු සොබාදමේ කිරූ...
හුස්ම දුන්නු මාගෙ අම්මා වාගේ උන්නු මාගෙ මවුබිමේ.....

නීල පැහැ ගොයම්‌ කෙතේ.. සාර වු පොළෝ තලේ
අරය ජල ශිරා බෝම වාලා..
අත්‌ මතින්‌ ලිහිල්‌ වුණු.. ධාන්‍යාදි පල දැරු
කුසගිනී පුරා ගිනි තැබූ සොබා..

පස්‌ මහා බැලුම්‌ බැලූ.. පුණ්‍යවන්තයන්‌ නෙලු
පස්‌ කඳන්‌ රසේ ගිලූ.. මනු සොබාදමේ කිරු
හුස්ම දුන්නු මාගෙ අම්මා වාගේ උන්නු මාගෙ මවුබිමේ..

නේක ඝණ්ඨා නාදයේ.. ඒක නාදයක්‌ ඇසේ
ලෝකවාසි දෙව්වරුන්‌ ආවඩා..
මුව පුරා සිනා පිරු.. හද පවා බොහෝ උණු
සංවේදි මනුදමක්‌ මැවු සොබා..

පස්‌ මහා බැලුම්‌ බැලූ.. පුණ්‍යවන්තයන්‌ නෙලු
පස්‌ කඳන්‌ රසේ ගිලූ.. මනු සොබාදමේ කිරු...
හුස්ම දුන්නු මාගෙ අම්මා වාගේ උන්නු මාගෙ මවුබිමේ..
හුස්ම දුන්නු මාගෙ අම්මා වාගේ උන්නු මාගෙ මවුබිමේ...

Video thumbnail