කවදා හෝ සසර කතර අතර මගකදී..
දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී..
එතැන් පටන් මම එමි සෙවණැල්ල නියාවේ..
කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ..
කවදා හෝ සසර කතර අතර මගකදී..
මිදුලෙහි ඇති ආලෝකය නිවසට එන්න..
මිදුලෙහි ඇනි ආලෝකය නිවසට එන්න..
සුදු ඔබගේ දෑතට මගෙ දෑතම මෙන්න
මිදී දුකින් රස බලන්න සිතමි මීවිතේ
මිදී දුකින් රස බලන්න සිතමි මීවිතේ
රිදී ඉරකි ඔබ මාගෙ අඳුරු ජීවිතේ..
අඳුරු ජීවිතේ....
කවදා හෝ සසර කතර අතර මගකදී..
දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී..
එතැන් පටන් මම එමි සෙවණැල්ල නියාවේ..
කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ..
කවදා හෝ සසර කතර අතර මගකදී..
පවසනු බැරි නම් ඉදිරියේ කරුණු ඔබෙ හිතේ..
පවසනු බැරි නම් ඉදිරියේ කරුණු ඔබෙ හිතේ...
මට පණිවිඩ චවනු මැනවි කුරුල්ලෙකු අතේ
දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන්
දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන්
ඔබෙයි මගෙයි අඳුරු ලොවට සඳ පායද්දෙන්..
සඳ පායද්දෙන්..
කවදා හෝ සසර කතර අතර මගකදී..
දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී..
එතැන් පටන් මම එමි සෙවණැල්ල නියාවේ..
කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ..
කවදා හෝ සසර කතර අතර මගකදී..