ඉරු දින පමණක් නොව තව දස දහස් දිනක්
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක්
අද ඔබ දැක පිය නැගුවත් සිත යළිත් වරක්
හෙට වනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්
ඉරු දින පමණක් නොව තව දස දහස් දිනක්
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක්
අද ඔබ දැක පිය නැගුවත් සිත යළිත් වරක්
හෙට වනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්
සතියක් මාසයට හැරී අවුරුදු එන්නේ
එලෙසින් අපෙ ආදරයේ දළු ලියලන්නේ
දවසින් දවසම හැඩවී ඔබව පෙනෙන්නේ
ඔබව පෙනෙන්නේ
එනිසයි මා ඔබ දැකුමට හැම දින එන්නේ
ඉරු දින පමණක් නොව තව දස දහස් දිනක්
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක්
අද ඔබ දැක පිය නැගුවත් සිත යළිත් වරක්
හෙට වනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්
දෙකොපුල් වල ගැසෙන ලෙසිනි ඔබ හිනැහෙන්නේ
කිසිදා නැත ඔය මදහස අමතක වන්නේ
මහදේ උතුරන සෙනෙහස නැත නිම වන්නේ
නැත නිම වන්නේ
කෙදිනද ඔබ මගෙ අතගෙන පැල වෙත එන්නේ
ඉරු දින පමණක් නොව තව දස දහස් දිනක්
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක්
අද ඔබ දැක පිය නැගුවත් සිත යළිත් වරක්
හෙට වනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්
ඉරු දින පමණක් නොව තව දස දහස් දිනක්
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක්
අද ඔබ දැක පිය නැගුවත් සිත යළිත් වරක්
හෙට වනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්
හෙට වනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්
හෙට වනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්
හෙට වනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්