ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා..
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගෙ හදවත ඔබ වෙත බැඳුණා
ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා..
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගෙ හදවත ඔබ වෙත බැඳුණා
නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා
ඔබේ පිනට කරල් පැහෙනවා..
ඇඹුල බෙදන කලද මදෙස හොරෙන් බලනවා
මගේ හිතට රහස් කියනවා
ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා..
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගෙ හදවත ඔබ වෙත බැඳුණා
හේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා
පාළු තනිය නැතිවී යනවා..
මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා
හිතේ දුකට කවි කියවෙනවා
ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා..
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගෙ හදවත ඔබ වෙත බැඳුණා
ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා..
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගෙ හදවත ඔබ වෙත බැඳුණා