ගම්මානයේ.. පැල්පතකයි.. ඈ විසුවේ..
සිරි නරඹනා.. අතරයි මට.. හමුවුවේ..
ගම්බද සිරිතටම මගුලක්.. සිදුවුවේ..
නුපුරුදු ගමේ ගොවිකමටත්.. පා තැබුවේ..
ආසිරි මංගල ගීත ගයා අපි
පැමිණියේ ගම්මානේ..
නුපුරුදු දීගෙක පියවර තැබු අපි
ගොවියෝ වුවානේ.. නුපුරුදු ගම්මානේ..
හේ.. කල් ගෙවනා කල පැල්පත තුළ මා
ඈ සමගින් ලෝලේ..
ඇගේ ඇවිටිලි මත පසුදා උදයම
ගියානේ වෙල් යායේ.. නුපුරුදු ගම්මානේ..
ඔඕ.. ඕ ඔ ඕ ඔ.. ආආ.. ආ ආ ආ..
ඔඕ.. ඕ ඔ ඕ ඔ.. ආආ.. ආ ආ ආ.. ආහා..
නුපුරුදු උදැල්ල කරේ තබාගෙන
ඇඟේ ඇවිටිලි මත්තේ..
පසුදා අලුයම.. කෙටුවා කෙටුවා
කරගැට මගෙ දෑතේ ..
කරගැට මගෙ දෑතේ ..
ආසිරි මංගල ගීත ගයා අපි
පැමිණියේ ගම්මානේ..
නුපුරුදු දීගෙක පියවර තැබු අපි
ගොවියෝ වුවානේ.. නුපුරුදු ගම්මානේ..
ඔඕ.. ඕ ඔ ඕ ඔ.. ආආ.. ආ ආ ආ..
ඔඕ.. ඕ ඔ ඕ ඔ.. ආආ.. ආ ආ ආහා..
පාගා ගත් බැත අරගෙන පැල්පත
දෙසටයි පිය නැගුවේ..
ගෙන ගිය වී ටික.. දමලා අටුවට
එය රැස් කර තැබුවේ..
ඔහොමයි කල් ගෙවුණේ..
ආසිරි මංගල ගීත ගයා අපි
පැමිණියේ ගම්මානේ..
නුපුරුදු දීගෙක පියවර තැබු අපි
ගොවියෝ වුවානේ.. නුපුරුදු ගම්මානේ..
හේ.. කල් ගෙවනා කල පැල්පත තුළ මා
ඈ සමගින් ලෝලේ..
ඇඟේ ඇවිටිලි මත පසුදා උදයම
ගියානේ වෙල් යායේ.. නුපුරුදු ගම්මානේ..
නුපුරුදු ගම්මානේ.. නුපුරුදු ගම්මානේ. .
නුපුරුදු ගම්මානේ.. නුපුරුදු ගම්මානේ. .
නුපුරුදු ගම්මානේ..