තරු ගානෙ පවා රුව පේනා

tharu gana pawa ruwa pena mawana

Anushka Udana
තරු ගානෙ පවා රුව පේනා Lyrics

තරු ගානෙ පවා.. රුව පේනා..
මේ දෑස දෑසේ ළංවීලා..
නුඹ මාගේ වෙලා.. රස ගේනා..
රෑ හීන ගානේ සිහිවීලා..

දැනුණා හුස්ම ගානෙ.. පැතූ සිහිනේ ඉටුවෙලා
හද ආශාව වෑහේ.. සඳවන්තී හිමි වෙලා..

මවනා මේ සිනා.. සැමදා වාසනා..
මේ දෑත දෑතේ ළංවෙලා..
සංසාරේ පුරා.. මෙලෙසේ එක්වෙලා..
ආවාද ආශා චාරිකා..

එක බැල්මක හොවා.. සිත නිවනා..
ඈ ප්‍රේම ආශා.. ගවසාලා..
සඳ කැල්මක මවා.. ඈ රුවිනා..
ඒ දෑස මා හා.. ඉඟිකළා..

සැලෙනා දෑස මානේ.. මුව රහසේ කොඳුරනා..
මන ශෝභාව වෑහේ.. මතු මත්තේ ළංවෙලා..

මවනා මේ සිනා.. සැමදා වාසනා...
මේ දෑත දෑතේ ළංවෙලා..
සංසාරේ පුරා.. මෙලෙසේ එක්වෙලා..
ආවාද ආශා.. චාරිකා...
ආවාද ආශා.. චාරිකා...

Video thumbnail