මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්
අම්මා එයි කියා ගමටම හඬ තලයි වැරෙන්
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්
යන්න නුඹ ගියා උගසට දරු සෙනේ අරන්
මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්
අම්මා එයි කියා ගමටම හඬ තලයි වැරෙන්
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්
යන්න නුඹ ගියා උගසට දරු සෙනේ අරන්
ඇහැල මල් පිපුණු දෙවටෙදි හමුවෙලා එදා
දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම උනා
ඇහැල මල් පිපුණු දෙවටෙදි හමුවෙලා එදා
දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම උනා
අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා
පුංචි උන් අඬයි අම්මා බැස්සේ නැහැ කියා
මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්
අම්මා එයි කියා ගමටම හඬ තලයි වැරෙන්
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්
යන්න නුඹ ගියා උගසට දරු සෙනේ අරන්
කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි
නින්ද නෑ කියයි මගෙ කවි තාලේ නෑ කියයි
කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි
නින්ද නෑ කියයි මගෙ කවි තාලේ නෑ කියයි
මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතූ කියයි
හඬන සිත නිවන මල් පැණි නැතිව බැරි හැඩයි
මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්
අම්මා එයි කියා ගමටම හඬ තලයි වැරෙන්
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්
යන්න නුඹ ගියා උගසට දරු සෙනේ අරන්