සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුනේ
ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩී හිතේ
සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුනේ
ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩී හිතේ
කුසගින්නට රස මසවුලු ලැබුනත් මොකටද
මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට
මහලු මඩම දඟ ගෙයක්ය දඟ ගෙයි ලෑමට
ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද
සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුනේ
ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩී හිතේ
පාළොස්වක පෝය දාට ගමේ විහාරෙට
හිත දුවලා වැඳලා එයි මම හැදු පිළිමෙට
මගේ පුතා මතු බුදුවෙයි එකක් කලොත් හෙට
නුඹේ අනින් බත් දෙකටක් කවාපන්කෝ මට
සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුනේ
ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩී හිතේ
සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුනේ
ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩී හිතේ