හමුවේ නම්‌ ඈ පෙර සේ

hamuwe nam ae perase

Athma Liyanage
හමුවේ නම්‌ ඈ පෙර සේ Lyrics

හමුවේ නම්‌ ඈ පෙර සේ
එක දවසක්‌ මේ භවේ..
පවසනවා මා ළංවී
මා විඳි දුක ජීවිතේ..

වෙන්වී ගිය ඒ දවසේ
රිදවා මා ආදරේ
ඉකිබිඳුනා රෑ අඳුරේ
පෙම්‌ කල සිත පෑරුනේ

මතු භවයක නුඹ නාවත්‌
නුඹ එනතුරු මග බලා..
සැමදා නුඹෙ ආදරේ පතලා
තනිවෙමි සදා..

මගෙ උරහිස මත හිස රඳවා
නුඹ මුමුණන හඬ රැව් නැගිලා
මතකෙට එනවිට හිත හැදුනා
හිමි නැති බව දැන දුක හිතුනා
සඳ හඬා.. වැටෙනවා
සොඳුරු සිහිනේ බිඳුණා කියා..

හමුවේ නම්‌ ඈ පෙර සේ
එක දවසක්‌ මේ භවේ..
පවසනවා මා ළංවී
මා විඳි දුක ජීවිතේ..

අපි ආගිය තැන්‌ වල රැඳිලා
ඔබෙ මුදු වත මතකෙට නැගිලා
සිතුවට හිත හැදුනා කියලා
තවමත්‌ නෑනේ හිත හැදිලා
සඳ හඬා.. වැටෙනවා
සොඳුරු සිහිනේ බිඳුණා කියා..

හමුවේ නම්‌ ඈ පෙර සේ
එක දවසක්‌ මේ භවේ..
පවසනවා මා ළංවී
මා විඳි දුක ජීවිතේ..

වෙන්වී ගිය ඒ දවසේ
රිදවා මා ආදරේ
ඉකිබිඳුනා රෑ අඳුරේ
පෙම්‌ කල සිත පෑරුනේ

මතු භවයක නුඹ නාවත්‌
නුඹ එනතුරු මග බලා..
සැමදා නුඹෙ ආදරේ පතලා
තනිවෙමි සදා...

Video thumbnail