දෛවයේ සරදමින්.. වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුණත්.. ළං වෙන්න බෑ යළිත්..
හුරු පුරුදු තනිකමෙන්.. හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුණා නම්.. සමාවෙනවද මගෙන්..
සමාවෙනවද මගෙන්...
හමුවන්න.. බැරි ලෙසම.. දුරකට වුණත් .
කවුරුත්ම.. පෙම් කෙරුවේ නෑ ඔය තරම්..
හමුවන්න.. බැරි ලෙසම.. දුරකට වුණත් .
කවුරුත්ම.. පෙම් කෙරුවේ නෑ ඔය තරම්..
දැන උන්නා නම්.. විඳවන තරම්..
සමුගන්නේ නෑ.. මගෙ රත්තරන්..
මියැදෙන්න.. පෙර ආයේ.. මුණ ගැහුනොතින්..
හිනැහෙන්න... පෙර වාගේ යන්තම් හොරෙන්..
මියැදෙන්න.. පෙර ආයේ.. මුණ ගැහුනොතින්..
හිනැහෙන්න... පෙර වාගේ යන්තම් හොරෙන්..
දැන උන්නා නම්.. විඳවන තරම්..
සමුගන්නේ නෑ.. මගෙ රත්තරන්..
දෛවයේ සරදමෙන්.. වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුණත්.. ළං වෙන්න බෑ යළින්..
හුරු පුරුදු තනිකමෙන්.. හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුණා නම්.. සමාවෙනවද මගෙන්..
සමාවෙනවද මගෙන්...