හද හඬලා සිත බිඳිලා

hada handala sitha bindila

Athula Adikari
හද හඬලා සිත බිඳිලා Lyrics

හද හඬලා.. සිත බිඳිලා..
හද බිඳිලා.. හඬලා..
පෙරදා.. ගංගා තෙරේ..

අප හමුවූ.. අප තෙපලූ...
අප හමුවූ.. තෙපලූ..
වෙන්වූ ගංතීරේ මේ..

මා හැඬවූ.. මා සැනසූ..
මා තනිවූ.. ගංගාව මේ..

හද හඬලා.. සිත බිඳිලා..
හද බිඳිලා.. හඬලා..
පෙරදා.. ගංගා තෙරේ..

ඇයට පුදකලේ නිමල ආදරෙයි..
ඇය පැතුවේ සුරංගනා ලොවයි..
අව්චේ දැවුණේ.. වැස්සේ තෙමුණේ..
හදෙහී සෙනෙහේ තමයි..

ඇයට පුදකලේ නිමල ආදරෙයි..
ඇය පැතුවේ සුරංගනා ලොවයි..
අව්චේ දැවුණේ.. වැස්සේ තෙමුණේ..
හදෙහී සෙනෙහේ තමයි..

හද හඬලා.. සිත බිඳිලා..
හද බිඳිලා.. හඬලා..
පෙරදා.. ගංගා තෙරේ..

කසුන්‌ විමන්‌ නැතත්‌ ඔයා ළඟින්‌ ඉමි ..
මගේ ලොවේ රජුන්‌ ඔබයි නිරන්තරේ..
පැවසූ කතාවන්‌.. සැනසූ ලතාවන්‌..
මාගේ හදේහී තියේ..

කසුන්‌ විමන්‌ නැතත්‌ ඔයා ළඟින්‌ ඉමි ..
මගේ ලොවේ රජුන්‌ ඔබයි නිරන්තරේ..
පැවසූ කතාවන්‌.. සැනසූ ලතාවන්‌..
හද වේදනාවන්‌ ගෙනේ..

හද හඬලා.. සිත බිඳිලා..
හද බිඳිලා.. හඬලා..
පෙරදා.. ගංගා තෙරේ..

අප හමුවූ.. අප තෙපලූ...
අප හමුවූ.. තෙපලූ..
වෙන්වූ ගංතීරේ මේ..

මා හැඬවූ.. මා සැනසූ..
මා තනිවූ.. ගංගාව මේ..

හද හඬලා.. සිත බිඳිලා..
හද බිඳිලා.. හඬලා..
පෙරදා.. ගංගා තෙරේ..

Video thumbnail