ඔබ නැති මේ රෑ පුරා.. සිතුවිලි දැවුණා..
සඳ වැලපී ඒ නිසාදෝ.. දුක මට කීවා..
දුක දැනිලා.. මසිත හඬලා..
මා හීන ගොළු වී ගියා..
ඔබ නැති මේ රෑ පුරා.. සිතුවිලි දැවුණා..
ඔබ කී කතා.. දෙසවන් පුරා..
ඇසුනා මෙදා.. රිදවා..
පැතුම් පාරවා..
ඔබ කී කතා.. දෙසවන් පුරා..
ඇසුනා මෙදා.. රිදවා..
පැතුම් පාරවා..
සිත බිඳිලා... සෙනෙහෙ නැතිදා..
රෑ පුරා සිත මගේ..
ඔබ නිසයි.. වැලපුනේ.. කුමරියේ..
ඔබ නැති මේ රෑ පුරා.. සිතුවිලි දැවුණා..
සඳ වැලපී ඒ නිසාදෝ.. දුක මට කීවා..
දුක දැනිලා.. මසිත හඬලා..
මා හීන ගොළු වී ගියා..
ඔබ නැති මේ රෑ පුරා.. සිතුවිලි දැවුණා..
පෙම් ගී ගයා.. සතුටින් එදා..
උන්නා සදා.. හැර මා
නොයන් කී නිසා..
පෙම් ගී ගයා.. සතුටින් එදා..
උන්නා සදා.. හැර මා
නොයන් කී නිසා..
මා හැරදා.. නමුදු ගියදා...
වේදනා මට ලොවේ..
ඔබ නිසයි.. හිමිවුණේ.. ජීවිතේ..
ඔබ නැති මේ රෑ පුරා.. සිතුවිලි දැවුණා..
සඳ වැලපී ඒ නිසාදෝ.. දුක මට කීවා..
දුක දැනිලා.. මසිත හඬලා..
මා හීන ගොළු වී ගියා..
ඔබ නැති මේ රෑ පුරා.. සිතුවිලි දැවුණා..