සඳ තරු මල්‌-මට දන්‌ දුන්‌

sanda tharu mal mata dan dun

Athula Adikari
සඳ තරු මල්‌-මට දන්‌ දුන්‌ Lyrics

සඳ තරු මල්‌.. මට දන්‌ දුන්‌
මගේ රුසිරු නුඹ අරගන්‌..
හිරු තෙදවන්‌.. මට දන්‌ දුන්‌
මගේ ඔටුනු නුඹ ලා ගන්‌..
දායාද එයයි.. මගෙ දෝනිට..
අප දෙන්නාගේ..

ගණ දෙවිඳුන්.. මට දන්‌ දුන්‌
මගේ නුවණ නුඹ අරගන්‌..
පතිනි මවුන්‌.. මට රැක දුන්‌
පතිනි බලය නුඹ අරගන්‌..
දායාද එයයි.. මගෙ දෝනිට..
අප දෙන්නාගේ..

සඳ තරු මල්‌.. මට දන්‌ දුන්‌
මගේ රුසිරු නුඹ අරගන්‌..
හිරු තෙදවන්‌.. මට දන්‌ දුන්‌
මගේ ඔටුනු නුඹ ලා ගන්‌..
දායාද එයයි.. මගෙ දෝනිට..
අප දෙන්නාගේ..

ඇල දොල ගං.. මට දන්‌ දුන්‌
හදේ සිසිල නුඹ අරගන්‌..
මහ වන විල්‌.. මට දන්‌ දුන්‌
හිතේ සුවඳ නුඹ අරගන්‌..
දායාද එයයි.. මගෙ දෝනිට..
අප දෙන්නාගේ..

සඳ තරු මල්‌.. මට දන්‌ දුන්‌
මගේ රුසිරු නුඹ අරගන්‌..
හිරු තෙදවන්‌.. මට දන්‌ දුන්‌
මගේ ඔටුනු නුඹ ලා ගන්‌..
දායාද එයයි.. මගෙ දෝනිට..
අප දෙන්නාගේ..

Video thumbnail