තරහෙන්‌ අහක බලා

tharahen ahaka bala

Athula Adikari
තරහෙන්‌ අහක බලා Lyrics

තරහෙන්‌ අහක බලා
ඔබ නොදොඩා යනවා
හෙට දවසේ.. යළි හමුවී ඔබ මා සනසනවා

දෙනුවන්‌ කැල්ම හෙලා
ඔබ හිනැහී දොඩනා..
ඒ වදනේ.. මා බැඳිලා
තව ආදරේ වෙනවා

පෙම්‌ හසරැල්‌ සඟවන්‌ මුහුණේ
නැගෙනා මොහොතේ ඔබගේ
මා සැනසුම්‌ සුසුමන්‌ හෙලුවා
ඔබ හා බැඳිලා රහසේ
ඩිංගක්‌ විහිලු කළා
ඇයි මේ තරහා වෙලා

තරහෙන්‌ අහක බලා
ඔබ නොදොඩා යනවා
හෙට දවසේ.. යළි හමුවී ඔබ මා සනසනවා

දෙනුවන්‌ කැල්ම හෙලා
ඔබ හිනැහී දොඩනා..
ඒ වදනේ.. මා බැඳිලා
තව ආදරේ වෙනවා

ළං වුණොතින්‌ මොහොතක්‌ ඔබගේ
සුවඳේ රැඳිලා මසිතේ
දුක්‌ වියවුල්‌ නිවෙමින්‌ දැනුණා
සහනේ ඔබගේ සෙනෙහේ
ඩිංගක්‌ විහිලු කළා
ඇයි මේ තරහා වෙලා

තරහෙන්‌ අහක බලා
ඔබ නොදොඩා යනවා
හෙට දවසේ.. යළි හමුවී ඔබ මා සනසනවා

දෙනුවන්‌ කැල්ම හෙලා
ඔබ හිනැහී දොඩනා..
ඒ වදනේ.. මා බැඳිලා
තව ආදරේ වෙනවා
තව ආදරේ වෙනවා
තව ආදරේ වෙනවා
තව ආදරේ වෙනවා
තව ආදරේ වෙනවා...

Video thumbnail