විසිරුණු මල්‌ පෙති

visirunu mal pethi

Athula Adikari
විසිරුණු මල්‌ පෙති Lyrics

විසිරුණු මල්‌ පෙති දෝතට ගත්‌ තුනුවී
ඒ පෙති එක්කර මලක්‌ සොයන බොළඳී
සරදම්‌ නොකරමි ආදරයෙන්‌ කියමී
විසිරුණු පෙති යළි මලක්‌ නොවෙයි නැගණී

විසිරුණු මල්‌ පෙති දෝතට ගත්‌ තුනුවී
ඒ පෙති එක්කර මලක්‌ සොයන බොළඳී
සරදම්‌ නොකරමි ආදරයෙන්‌ කියමී
විසිරුණු පෙති යළි මලක්‌ නොවෙයි නැගණී

වෙරළ සොයා රළ පෙළ දිව ආචත්‌
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත්‌ යුවළක්‌ ලැබුණත්‌
අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ

විසිරුණු මල්‌ පෙති දෝතට ගත්‌ තුනුවී
ඒ පෙති එක්කර මලක්‌ සොයන බොළඳී
සරදම්‌ නොකරමි ආදරයෙන්‌ කියමී
විසිරුණු පෙති යළි මලක්‌ නොවෙයි නැගණී

බමරුන්‌ පසුපස මල්‌ දිව නොගියත්‌
අවමන්‌ වින්දේ මල්‌ කුලය ම නොවෙදෝ
මෙදහම්‌ නුවණින්‌ නුඹ නොදුටුවොතින්‌
නුඹේ සුසුම්‌ ගිනි බොල්‌ අහස ම නොවෙදෝ

විසිරුණු මල්‌ පෙති දෝතට ගත්‌ තුනුවී
ඒ පෙති එක්කර මලක්‌ සොයන බොළඳී
සරදම්‌ නොකරමි ආදරයෙන්‌ කියමී
විසිරුණු පෙති යළි මලක්‌ නොවෙයි නැගණී

Video thumbnail