නිහඬ ගමනේ. . මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ..
මිහිරි මතකේ.. සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ..
බමර නාදේ.. ඇසෙන මානේ..
රැඳෙනු මාගේ.. සුවඳ වාගේ....
බමර නාදේ.. ඇසෙන මානේ..
රැඳෙනු මාගේ.. සුවඳ වාගේ....
හා හා හා හා... හ හා හා හා...
හා හා හා හා...හා හා..
හා හා හා හා... හ හා හා හා...
හා හා හා හා...හා හා..
ප්‍රාර්ථනා තවරා.. ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ..
හිනැහෙනා.. කල්පනා..
ඔබ නිසයි ජීවිතේ..
ඇඟිලි තුඩු තද කර මගේ නළලේ
සිඹින සියුමැලි නුඹඹ දෙතොලත අතරේ
ගැඹුරු හද කැළඹුව ඔය කඳුළේ..
රහස නොහැඟේ.. මගේම ළඳුනේ..
දෑත් විදා ළමැදේ ආදරේ
දෙන්න විදගන්න රිසි සේ..
නිම නොවේ.. කිසි දිනේ..
පෙම් පැතුම් මා හදේ..
ලබන හැම ආත්මයම ඔබගේ
ළඟම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී ඉමු දිවි කතරේ
නොයම් රහසේ.. රකිමි පණ සේ..
නිහඬ ගමනේ. . මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ..
මිහිරි මතකේ.. සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ..
බමර නාදේ.. ඇසෙන මානේ..
රැඳෙනු මාගේ.. සුවඳ වාගේ....
බමර නාදේ.. ඇසෙන මානේ..
රැඳෙනු මාගේ.. සුවඳ වාගේ....