කඳුළු හා එතී සුසුම් පාවෙතී
සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරා
පෙමක් ඉකිබිඳී හිතින් ළතවෙවී
සොඳුරු උරුමය නිහඬව කුස දරා
නුඹේ වගක් පවසන්න බැරී
සොඳුරු රුවති ඔබ මටයි හිමි
පෙමක් වසන් කල හැකිද සකී
ලොවට පෙමට බැමි බඳිනු බැරී
කිරුළ අපේ පෙම් රජ දහනේ
හිමියනි මා තුරුළට ආවේ
මල් පාවඩ අතුරා නෑ මාවතේ
පය පරිස්සමින් මේ දිවි ගමනේ
වැටෙන හුස්ම සේ රකින් පුතු මගේ
ගමන කෙළවර දුටුවොත් හෙට මගේ
කැකුලු මල අපේ.. අරන් යනු මැනේ
නපුර නොපෙනෙන තැනකට හිමියනේ
නුඹේ වගක් පවසන්න බැරී
සොඳුරු රුවති ඔබ මටයි හිමි
පෙමක් වසන් කල හැකිද සකී
ලොවට පෙමට බැමි බඳිනු බැරී
මංගල තැලි පට සේල නැතී
දිළිඳු පෙමකි ලොව කියනු ඇතී
ඒ පෙමින් උපන් මිණි කිරුළ සරී
මල් කැකුලට ඔබේ සුවඳමයි හිමී
ආ..
කඳුළු හා එතී සුසුම් පාවෙතී
සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරා
පෙමක් ඉකිබිඳී හිතින් ළතවෙවී
සොඳුරු උරුමය නිහඬව කුස දරා
නුඹේ වගක් පවසන්න බැරී
සොඳුරු රුවති ඔබ මටයි හිමි
පෙමක් වසන් කල හැකිද සකී
ලොවට පෙමට බැමි බඳිනු බැරී
(බඳිනු බැරී.. බඳිනු බැරී...)