සරත් සඳේ රැයට මුදු සුවඳ දරාගන්න
හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුණන්න
චරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න..
හැඟුම් විහඟුන්.. තුරුල් වෙද්දී..
සිතුම් සියොතුන්.. ඉගිල්ලේවී..
ඔබේ දෙනුවන්.. වහා දැල්වී..
මාගේ දෙනුවන්.. පුරා විහිදේ..
(ට ටාර රා.. ට ටාර රා..
ට ටාර රාරාරා.. ට ටාර රා..
ට ටාර රා.. ට ටාර රා..
ට ටාර රාරාරා.. ට ටාර රා..)
ගිම්හානේ ගිනි දැල්ල ආවත් කමක් නෑ
අපට බාධා නොදී..
උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ
රැඳෙයි අප තුරුලේ..
සීතලේ.. උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම් ..
දෑතේ.. ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක.. සිහින හේදාවකී..
(වූ..වූ..)
හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ
අපට අප සෙවණකි..
ප්‍රේම හිම පියලි පහසේ නිමක් නෑ
අපට අප පමණකි..
සීතලේ.. උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම් ..
දෑතේ.. ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක.. සිහින හේදාවකී..
සරත් සඳේ රැයට මුදු සුවඳ දරාගන්න
හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුණන්න
චරා මලින් මලට මල් වියන තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා ඉදෙන්න..
හැඟුම් විහඟුන්.. තුරුල් වෙද්දී..
සිතුම් සියොතුන්.. ඉගිල්ලේවී..
ඔබේ දෙනුවන්.. වහා දැල්වී..
මාගේ දෙනුවන්.. පුරා විහිදේ..
හැඟුම් විහඟුන්.. තුරුල් වෙද්දී..
සිතුම් සියොතුන්.. ඉගිල්ලේවී..
ඔබේ දෙනුවන්.. වහා දැල්වී..
මාගේ දෙනුවන්.. පුරා විහිදේ..