ගුම්‌ නාදේ රෑනින්‌ රෑනේ

gum nade ranin rane

Bathiya And Santhush(B & S)
ගුම්‌ නාදේ රෑනින්‌ රෑනේ Lyrics

ගුම්‌ නාදේ රෑනින්‌ රෑනේ මී මැස්සන්‌ රෑනක්‌ සේ
ආකාසේ අත්තටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ..
සිත්‌ යායේ සිත්‌ මල්‌ පීදි මල්‌ මී දෝ වෑහෙන්නේ
හිනෙන්‌ දුටු පාරාදීසේ සිත්තම්‌ දෝ දිස්වන්නේ..

ගංගා දියේ සීතේ දියවැල්‌ සැරයි
පාවී නොයා ඔය වාගේ උන්නොත්‌ හොඳයි
පෑවාට සිත්සේ දස්කම්‌ දඟකාරකම්‌
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්‌

මේ නිදහසේ ගීතයෙන්‌ හිත හිනැහේ ප්‍රීතියෙන්‌
මුළු ලොව පෑ ආදරෙන්‌ සත්තයි ලැබෙයි ජීවිතේ
මේ නිදහසේ ගීතයෙන්‌ හිත හිනැහේ ප්‍රීතියෙන්‌
මුළු ලොව පෑ ආදරෙන්‌ සත්තයි ලැබෙයි ජීවිතේ

හද්දා කැලේ කවුදෝ රහසින්‌ එබෙයි
හැංගී බලා ඔය කවුදැයි ළංවී කියන්‌
කෝලම්ද සෙල්ලම්‌ කාලේ හරි නාඩගම්‌
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්‌

මේ මනරම්‌ යාමයේ හිත පිරුණා ජීවියෙන්‌
මුළු ලොව පෑ ආදරෙන්‌ සත්තයි ලැබෙයි ජීවිතේ
මේ මනරම්‌ යාමයේ හිත පිරුණා ජීවියෙන්‌
මුළු ලොව පෑ ආදරෙන්‌ සත්තයි ලැබෙයි ජීවිතේ

ගුම්‌ නාදේ රෑනින්‌ රෑනේ මී මැස්සන්‌ රෑනක්‌ සේ
ආකාසේ අත්තටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ..
සිත්‌ යායේ සිත්‌ මල්‌ පීදි මල්‌ මී දෝ වෑහෙන්නේ
හිනෙන්‌ දුටු පාරාදීසේ සිත්තම්‌ දෝ දිස්වන්නේ..

Video thumbnail