සුන්දර යායේ එක් දවසක ඒ ගිම්හානේ
උණුසුම අතරින් අප මුලින්ම එහි හමුවූයේ
අප ඇවිද ගියා ගී ගැයුවා සොඳුරු සමයේ
තරුණ ජීවිතේ අපි දුටුවා මේ ලෝකයේ
සැමදා..
හමුවීම සුන්දරයි ජීවිතේ සැමදා
සතුටුයි සිසිලයි අමතක වෙයි කඳුළු තකා
පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා..
හදවතේ පවුරු දැන් නිදහසේ
අපි සිතනවා.. අප සිටින ලෝකයේ මිනිසුන්
එකිනෙකාගෙන් අපමණ වෙනස් කියලා
ඒත් එය මුලාවක් බව මට තේරුම් ගියේ
අප සියලුදෙනා හමුවූ දිනයේ
එය කොතරම් මිහිරිද කියනවානම්
මට හැඟෙන්නේ
මෙන්න මේ වගේ
අමුත්තන් වාගේ.. අප හමුවුවත් ඒ දිනේ
සිතුවිලි බැඳුනා වෙරළේ දියරැලි පෙළ වාගේ
සිත හඳුනාගන්නට පහසුයි නෑ මා සිතුවේ
එනමුදු එය කොතරමි මිහිරිද තවම දැනේ..
සැමදා..
හමුවීම සුන්දරයි ජීවිතේ සැමදා
සතුටුයි සිසිලයි අමතක වෙයි කඳුළු කතා
පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා..
හදවතේ පවුරු දැන් නිදහසේ
බැඳි මිතුදම අප සිත් ළං කළා දින දිනයේ
ඔබ හා මා සැමදෙන වුව මේ කෙටි ජීවිතේ..
හිනැහෙමු අපි චක ලේ ඇති සොහොයුරන් වාගේ..
එක මවකගේ දරැවන් සේ අපි මේ දිවි ගමනේ..
පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා..
හදවතේ පවුරු දැන් නිදහසේ
හමුවීම සුන්දරයි ජීවිතේ සැමදා
සතුටුයි සිසිලයි අමතක වෙයි කඳුළු තකා
පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා..
හදවතේ පවුරු දැන් නිදහසේ
හමුවීම සුන්දරයි ජීවිතේ සැමදා
සතුටුයි සිසිලයි අමතක වෙයි කඳුළු කතා
පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා..
හදවතේ පවුරු දැන් නිදහසේ
හදවතේ.. නිදහසේ..
හදවතේ..