හිත නාඹර තාලෙට

hitha nambara thaleta

Bathiya And Santhush(B & S)
හිත නාඹර තාලෙට Lyrics

හිත නාඹර තාලෙට වෙල්‌ දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිති කැවුනා
එකපාරට ආදර මල්‌ සුවඳක්‌ දැනුණා
මදහාස නගා ඈ හොරැහින්‌ වගෙ බැලුවා..

හිත නාඹර තාලෙට වෙල්‌ දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිති කැවුනා
එකපාරට ආදර මල්‌ සුවඳක්‌ දැනුණා
මදහාස නගා ඈ හොරැහින්‌ වගෙ බැලුවා..

පාළු අම්බරයේ දේදුන්නක්‌ ඇඳිලා
පාට ගෑ විගසේ පාළුව සැඟව ගියා

පාළු අම්බරයේ දේදුන්නක්‌ ඇඳිලා..
පාට ගෑ විගසේ පාළුව සැඟව ගියා
සීතලෙන්‌ මිරිකි උදා වුණු මේ අරුණේ
පාළුවූ මහදේ කවුරුද තනි මැකුවේ..

හිත නාඹර තාලෙට වෙල්‌ දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිති කැවුනා
එකපාරට ආදර මල්‌ සුවඳක්‌ දැනුණා
මදහාස නගා ඈ හොරැහින්‌ වගෙ බැලුවා

පාට සමනලයන්‌ ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා

පාට සමනලයන්‌ ආදර ගී මුමුණා..
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා
සීතලෙන්‌ මිරිකී උදා වුණු මේ අරුණේ
පාළුවූ මහදේ කවුරුද තනි මැකුවේ..

හිත නාඹර තාලෙට වෙල්‌ දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිති කැවුනා
එකපාරට ආදර මල්‌ සුවඳක්‌ දැනුණා
මදහාස නගා ඈ හොරැහින්‌ වගෙ බැලුවා

Video thumbnail