කිමද සුමිහිරියේ මේ අරුමේ

kimada sumihiriye me arume

CT Fernando
කිමද සුමිහිරියේ මේ අරුමේ Lyrics

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ..
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ..

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ..
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ..

සෙවණැල්ල වගේ
ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ..

මුදු තොල්‌ පොපියා
කිසිවක්‌ නොකියා
ඇයි.. යන්නේ පැන විගසේ..

හැම උදේම තනියම මෙසේ
හැම උදේම තනියම මෙසේ

පිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර
හිනාව පින්බර
මගේ සිතට සුවදේ...

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ..
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ..

කෙහෙරැල්ල වැටී
නළලට සිරසේ
සිරි වැසේ බොළඳ මුහුණේ..

වනමල්‌ පිපිලා
බර වී නැවිලා
ළං.. වෙන්න එයි මැණිකේ...

දුටු වහාම හදවත ඔබේ
දුටු වහාම හදවත ඔබේ

දුක නැසී සතුට ඇතිවේ
ඔබ ගියේ බලන්‌ ඉඳ
අගේ කරන්නද
කියන්න සුරතලියේ..

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ..
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ...

Video thumbnail