දකුණේ පින් ඇති පින්බිම වැව්රු කන්නල..
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට..
මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන..
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම..
දකුණේ පින් ඇති පින්බිම වැව්රු කන්නල..
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට..
මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන..
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම..
අප්පච්චී කිය කිය මුළු දවස පුරාම..
කතා කරපු හඬ ඇසේවි තාම ළඟ ළඟ..
අනාගතේ මා දුටු සුභ නිමිති සේරම..
මගෙන් උදුරගෙන ගංදිය ගියා මුහුදට..
දකුණේ පින් ඇති පින්බිම වැව්රු කන්නල..
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට..
මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන..
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම..
පිහිට වෙලා බේරගන්න මගේ කූඩුව..
පින් අරගත් දෙවියන්වත් උන්නේ නෑ ළඟ..
සොඳුර සමග දරුවන් බිලි ගත්ත වගේම..
මාවත් බිලි ගත්තා නම් දුකක් නෑ මට..
දකුණේ පින් ඇති පින්බිම වැව්රු කන්නල..
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට..
මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන..
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම..
දකුණේ පින් ඇති පින්බිම වැව්රු කන්නල..
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට..
මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන..
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම..