මතකයන්‌ ඔබේ සිතේ තබාගෙන

mathakayan obe sithe thabagena palamu

Chamara Weerasinghe
මතකයන්‌ ඔබේ සිතේ තබාගෙන Lyrics

මතකයන්‌ ඔබේ.. සිතේ තබාගෙන..
දුක්‌ විඳිනා මම ඔබගේ.. පළමු පෙම්වතා..
සුවඳ පොදට පවා.. ඔබෙ පෙම්‌ කරනා..
අදටත්‌ මම ඔබගේ.. පළමු පෙම්වතා..
අදටත්‌ මම ඔබගේ.. පළමු පෙම්වතා..

සිනාසෙන්න නොහැකි නම්‌.. මට හඬන්නට..
ඔබ ළඟමයි හැමදාමත්‌.. කැමති ඉන්නට..

සිනාසෙන්න නොහැකි නම්‌.. මට හඬන්නට..
ඔබ ළඟමයි හැමදාමත්‌.. කැමති ඉන්නට..
ඉමු කඳුළැලි ගලා යන්න.. යනතුරුවත්‌ මට..
ඉඩ දෙන්නකො ඔබගේ.. ළඟම ඉන්නට..

මතකයන්‌ ඔබේ.. සිතේ තබාගෙන..
දුක්‌ විඳිනා මම ඔබගේ.. පළමු පෙම්වතා..

සරසවන්න ජීවිතය.. මට හැමදාට..
ඔබේ හදින්‌ මා ලැබු ඒ.. කුලුඳුල්‌ පෙම..

සරසවන්න ජීවිතය.. මට හැමදාට..
ඔබේ හදින්‌ මා ලැබු ඒ.. කුලුඳුල්‌ පෙම..
ජීවිතයම වරදාලා.. ගියමුත්‌ පවට..
වෙනසක්‌ නෑ ආදරයේ.. මම තව ඔබට..

මතකයන්‌ ඔබේ.. සිතේ තබාගෙන..
දුක්‌ විඳිනා මම ඔබගේ.. පළමු පෙම්වතා..
සුවඳ පොදට පවා.. ඔබෙ පෙම්‌ කරනා..
අදටත්‌ මම ඔබගේ.. පළමු පෙම්වතා..
අදටත්‌ මම ඔබගේ.. පළමු පෙම්වතා...

Video thumbnail