නපුරු වෙන්න එපා කියලා

napuru wenna epa kiyala

Chamara Weerasinghe
නපුරු වෙන්න එපා කියලා Lyrics

නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා.. ආ.. ආදර මගේ අම්මා
මා.. ආ.. ආදර.. අම්මා..
ඇගේ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
මගේ ලෝකය මගේ විශ්වය ගෙදර බුදුන්‌ අම්මා
මා.. ආ.. ආදර මගේ අම්මා
මා.. ආ.. ආදර.. අම්මා..

කඳුළු බිංදු හංගා.. මට සුරසැප දුන්නා..
රස මසවුලු මට දීලා.. ඇය නොකාම උන්නා..
දරු සෙනෙහස හින්දා.. අපමණ දුක්‌ වින්දා..
දුක්‌ කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා..
මා.. ආ.. ආදර මගේ අමිමා..

යන එන තැන විමසා.. මා පසුපස උන්නා..
හිත රිදුණම හිස අතගා.. දුක්‌ ගින්දර නිව්වා..
නිවැරදි මග පෙන්නා.. ගුරුහරුකම්‌ දුන්නා..
ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා..
මා.. ආ.. ආදර මගේ අම්මා..

නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා.. ආ.. ආදර මගේ අම්මා
මා.. ආ.. ආදර.. අම්මා..
ඇගේ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
මගේ ලෝකය මගේ විශ්වය ගෙදර බුදුන්‌ අම්මා
මා.. ආ.. ආදර මගේ අම්මා
මා.. ආ.. ආදර.. අම්මා..

Video thumbnail