සමාවෙලා හදාගන්න මට මගේ හිත

sama wela hadaganna mata mage hitha

Chamara Weerasinghe
සමාවෙලා හදාගන්න මට මගේ හිත Lyrics

සමාවෙලා.. හදාගන්න මට මගේ හිත..
එකම වරක්‌ ඔබේ දෙපා..
වඳින්න දෙන්න.. වඳින්න දෙන්න..
කිලුටක්‌ නෑ මගේ හදවත.. සත්තයි ඔන්න..
එපා ඉතින්‌ මගේ දෑස.. මගහැර යන්න..
සමාවෙලා.. හදාගන්න මට මගේ හිත..

ඔබේ සිතට පිටුපාලා.. මං ගිය ඈත..
කඳුළු වලින්‌ නෙත තෙමුණා.. මට නොදැනීම..
ආදරයක්‌ නොලැබුණු දා.. සොයා ඔබේ සිත..
මං ආවත්‌ එරෙහි උනා.. කසාවත මට..

සමාවෙලා.. හදාගන්න මට මගේ හිත..
එකම වරක්‌ ඔබේ දෙපා..
වඳින්න දෙන්න.. වඳින්න දෙන්න..
කිලුටක්‌ නෑ මගේ හදවත.. සත්තයි ඔන්න..
එපා ඉතින්‌ මගේ දෑස.. මගහැර යන්න..
සමාවෙලා.. හදාගන්න මට මගේ හිත..

කසාවතින්‌ ඔබ යනවිට.. මග සන්සුන්ව..
ආදරයට හැඟුමන්‌ නෑ.. හදවත කොනක..
ගෙවා ගන්න මා කල පව්‌.. සමාවී මට..
එකම වරක්‌ ඔබේ දෙපා.. වඳින්න දෙන්න..

සමාවෙලා.. හදාගන්න මට මගේ හිත..
එකම වරක්‌ ඔබේ දෙපා..
වඳින්න දෙන්න.. වඳින්න දෙන්න..
කිලුටක්‌ නෑ මගේ හදවත.. සත්තයි ඔන්න..
එපා ඉතින්‌ මගේ දෑස.. මගහැර යන්න..
සමාවෙලා.. හදාගන්න මට මගේ හිත...

Video thumbnail