තනමල්විල මල් පිපුණත් Lyrics
තනමල්විල මල් පිපුණත් තහනම් නීතියට
ඒ සියලුම මල් වල ඇති සුවඳ සිදාදියට..
හිරිමල් විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
සිත්මල ළං කරන්නෙපා ඇවිලෙන පාපයට..
පොල් අතූ පැල්පතක හීන රන්දා මාලිගයක
ලෙන්ගතු වී කතා කරයි යන්න දේව ලෝකෙට..
කාසි පඳුරු පීදුනාට ගිනිගත් ජීවිතයක
ඇවිද්ද පය විලංගු වෙයි ඔය කහමල් යායට..
තනමල්විල මල් පිපුණත් තහනම් නීතියට
ඒ සියලුම මල් වල ඇති සුවඳ සිදාදියට..
හිරිමල් විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
සිත්මල ළං කරන්නෙපා ඇවිලෙන පාපයට..
අපේ ගමේ සිටුවරයින් යහමින් ඇති අතමිට
කාසි වලට හාද වෙලා නගරේ ලොකු උදවිය..
නීතිය තහනම් උනාට තාමත් ඉරහඳ යට
කොළඹට අරගෙන එනවා තනමල්විල මල් ටික..
තනමල්විල මල් පිපුණත් තහනම් නීතියට
ඒ සියලුම මල් වල ඇති සුවඳ සිදාදියට..
හිරිමල් විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
සිත්මල ළං කරන්නෙපා ඇවිලෙන පාපයට..