අපි වෙන්වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ...
අපි එක්වුණ මතකය සිහියට එනවිට
කඳුළුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක්වෙන හැමවිට
මනසයි වන්දි ගෙවන්නේ. .
හිතන්න බෑ හිත කීරි ගැහෙනවා
ඔය සුදු මුහුණ මතක් වී..
සිඹින්න බෑ මුව අහක බලනවා
මගෙ මුව එක්ක තරහා වී..
කියන්න බෑ අපෙ ආදර කතාව
කඳුළුත් එක්ක සිනාසී..
සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්
ආදරේ කරන්න පෙර සේ..
අපි වෙන්වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ...
සුන්දර සිනාව.. හුරතල් ඉනාව
දකින්න ආසයි අඳුරේ..
දැවටුණ හැටි ආදරෙයි කියා මට
දැනෙනවා කිතිකැවි යහනේ..
තොල්පෙති සිඹින්න ආසයි ඇත්තට
තුරුලට ගෙන ඔබ පෙර සේ..
ආදරේ කියන්න තව එක සැරයක්
වෙන්වී යන්නට මත්තෙන්
අපි වෙන්වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ...
අපි එක්වුණ මතකය සිහියට එනවිට
කඳුළුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක්වෙන හැමවිට
මනසයි වන්දි ගෙවන්නේ...