හිත හදා ගන්න බෑ.. ඔබෙන් ලද දුක දරා ගන්න බෑ..
ඔබ මගේ වෙන්නෙ නෑ.. ඉතින් යළි අපි අපේ වෙන්නෙ නෑ..
මා හැර හිතකට පෙම් කරලා.. ආදරේ හැර දමලා..
මා සදා හඬනවා.. මාරුතේ දුක දරා..
හිත හදා ගන්න බෑ.. ඔබෙන් ලද දුක දරා ගන්න බෑ..
ආදරය වී.. ජීවිතය දී.. මාගෙ ළඟ උන්නු වෙලේ
කීව හැම දේ.. තාම සිහිවේ.. පාළු වුණු ලෝකෙ මාගේ
හීන කඳුළින් තෙමා.. ඈත සැඟවී ඔයා..
මාව අඳුරේ හෙළා.. දෑස ළඟ අද නෑ මාගේ
මා සදා හඬනවා.. මාරුතේ දුක දරා..
හීන වියැකී.. දෑත නොපෙනී.. කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී.. දෑස බොඳවී.. කාට පවසම්ද මේ දේ
ජීවිතය පා වෙලා.. ආදරය නෑ කියා..
මාව හැරදා සදා.. ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා.. මාරුතේ දුක දරා..
හිත හදා ගන්න බෑ.. ඔබෙන් ලද දුක දරා ගන්න බෑ..
ඔබ මගේ වෙන්නෙ නෑ.. ඉතින් යළි අපි අපේ වෙන්නෙ නෑ..
මා හැර හිතකට පෙම් කරලා.. ආදරේ හැර දමලා..
මා සදා හඬනවා.. මාරුතේ දුක දරා..
හිත හදා ගන්න බෑ.. ඔබෙන් ලද දුක දරා ගන්න.. ම්හ්...