සඳ රැජිනියේ ඔබ හිරිපොද වැස්ස අරන්..
මගෙ යහනට එනවද මිහිදුම් සළු අතරින්..
හිමකැට වාගේ වැගිරෙන කඳුළු අරන්..
ඔබ ඈ වෙත යන්න හෙමින්..
පෙම් සිතක් පතාගෙන මා හඬනා හැටි
කියලා දෙන්න ඉතින්.. කියලා දෙන්න ඉතින්..
හැම ආත්මෙදිම ඔබ දුන්නු කඳුළු කැට
මට තාමත් මතකයි.. මට අද වාගෙම මතකයි
ඒ සුවඳ මගෙන් දුර ඈතට යනකොට
මං හැඬුවේ ඒකයි.. හැඬුවේ හැපුනේ ඒකයි
බැහැ මට ඉන්නට බැහෑ
(ඔබ නැති ලෝකය කළුවර අහස වගෙයි)
මේ ඔබ එනවා නම් කොතෙක් කලක් හරි
බලා ඉන්න ආසයි.. මග බලා ඉන්න ආසයි..
එක රාත්රියක මහ නපුරු හීනයක්
මට අනතුරු අඟවයි.. ඔබ අන්සතු බව පවසයි
ඒ හීනයක්ම පමණක් වේවා යැයි
මගෙ හදවත මුමුණයි.. හැම තිස්සෙම හිත මුමුණයි
නැහැ මම ඉන්නෙම නැහෑ
(ඔබ මට නැත්නම් හදවත හඬා වැටෙයි)
නෑ ඔබ එනවාමයි ඇස් දෙක වගෙ මට
ඒ ගැන විශ්වාසයි.. මට ඒ ගැන විශ්වාසයි..
සඳ රැජිනියේ ඔබ හිරිපොද වැස්ස අරන්..
(හිරිපොද වැස්ස අරන්)
මගෙ යහනට එනවද මිහිදුම් සළු අතරින්..
(මිහිදුම් සළු අතරින්)
හිමකැට වාගේ වැගිරෙන කඳුළු අරන්..
ඔබ ඈ වෙත යන්න හෙමින්..
පෙම් සිතක් පතාගෙන මා හඬනා හැටි
කියලා දෙන්න ඉතින්.. කියලා දෙන්න ඉතින්...