වෙන්වී දැන්.. යන්න ඉතින්.. වෙන්වී යන්නම ඕනේ නම්
කීරි ගැහී.. හඬන සුසුම්.. ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන්.. මැවුව සෙනේ.. රහසේම කාටද පුදා..
වෙන්වී දැන්.. යන්න ඉතින්.. වෙන්වී යන්නම ඕනේ නම්..
මගෙ සිහිනේ.. ඉඩ ඉල්ලා.. පෙරදා ඔබමයි පියමැන්නේ
පෙම් පහසේ.. වෙළී ඉඳලා.. කෙලෙසද අද මා හැරයන්නේ
සෙනෙහසින්.. පෙර එදා.. මග වෙලා.. උන් ඔයා
අද මෙසේ.. වෙන් වෙලා.. මා දමා.. යයි ඔයා..
පෙම් සිහිනේ.. දුක රන්දා.. ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ.. සිහිවේ නම්.. කවදා හෝ යළි එන්න සොයා
සෙනෙහසින්.. පෙර එදා.. මගෙ වෙලා.. උන් ඔයා
අද මෙසේ.. වෙන් වෙලා.. මා දමා.. යයි ඔයා..
වෙන්වී දැන්.. යන්න ඉතින්.. වෙන්වී යන්නම ඕනේ නම්
කීරි ගැහී.. හඬන සුසුම්.. ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන්.. මැවුව සෙනේ.. රහසේම කාටද පුදා..
වෙන්වී දැන්.. යන්න ඉතින්.. වෙන්වී යන්නම ඕනේ නම්...