කවි සීපද ඇහෙන ඈත

kavi seepada ahena rata

Chandana Liyanarachchi
කවි සීපද ඇහෙන ඈත Lyrics

කවි සීපද ඇහෙන ඈත
කුරහන්‌ මල්‌ පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවී
වලා පෙළ අඳුර ළඟ ඉකිබිඳිවී
මල්‌ පිපුණට පාට පාට
අසරණ වු මගේ දෑස
නිදි යහනට මල්‌ සුවඳක්‌ නොවේවී
හිතේ දුකට නෙතු කඳුළැල්‌ සැලේවී

පහන්‌ සිලෙන්‌ නොදුටුව රුව
පැල දොර ළඟ සිරියාවට

පහන්‌ සිලෙන්‌ නොදුටුව රුව
පැල දොර ළඟ සිරියාවට
හිරු කුමරුට අතවනන්න හදනවා...

එපා නගෝ තරහ වෙන්න හිතෙනවා..

අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය

අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
තරු මල්‌ සිපගෙන එන පෙම් සිහිනයේ..

නැලවීයන්‌ සංකා හැර ප්‍රේමියේ..

කවි සීපද ඇහෙන ඈත
කුරහන්‌ මල්‌ පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවී
වලා පෙළ අඳුර ළඟ ඉකිබිඳිවී
මල්‌ පිපුණට පාට පාට
අසරණ වු මගේ දෑස
නිදි යහනට මල්‌ සුවඳක්‌ නොවේවී
හිතේ දුකට නෙතු කඳුළැල්‌ සැලේවී

Video thumbnail