සුමුදු වලාවක අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු..
සිනා මලක් වී යළි යළි පිපියන්
පෙම් කල සිතක මතු..
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු..
සිනා මලක් වී යළි යළි පිපියන්
පෙම් කල සිතක මතු..
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා..
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා..
එපා හිඳින්නට දෙතුන් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා..
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු..
සිනා මලක් වී යළි යළි පිපියන්
පෙම් කල සිතක මතු..
බඹර තුඩට සුව මලක සුවඳ නොව
මල් අග රැඳුණු පැණි..
බඹර තුඩට සුව මලක සුවඳ නොව
මල් අග රැඳුණු පැණි..
සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි..
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු..
සිනා මලක් වී යළි යළි පිපියන්
පෙම් කල සිතක මතු..
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු..
සිනා මලක් වී යළි යළි පිපියන්
පෙම් කල සිතක මතු...