පෙම් බැන්ද සිත් බැන්ද Lyrics
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම
රන් සිහින සේයා.. (සේයා..)
ඉඳු දුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින.. මායා..
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම
රන් සිහින සේයා..
ඉඳු දුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින.. මායා..
රන්.. තාරකාවෝ.. දෙනෙතේ.. රැඳුණාවේ..
මේ.. සොඳුරු සිහිනේ.. කවදා.. ඉටුවේ දෝ ළඳේ..
නිම්හිම් නැතේ.. සෙනෙහේ ළයේ..
මන්දෝ ළඳේ.. සැඟවී ගියේ..
පෙම්.. බැන්ද හින්දා.. ඉන් මා.. දැවුණාවේ..
මේ.. සොඳුරු පියසේ.. නොඇසේ.. මිහිරි ගීයේ..
හැඟුමන් මගේ.. ඔබ හා බැඳේ...
පැවතුම් ඔබේ.. නොදනිමි ළඳේ..
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම
රන් සිහින සේයා.. (සේයා..)
ඉඳු දුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින.. මායා..
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම
රන් සිහින සේයා.. (සේයා..)
ඉඳු දුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින.. මායා..