ගතින් ඉන්නට නැතත් ළංවි Lyrics
ගතින් ඉන්නට නැතත් ළංවි
සිතින් යන්නට එපා වෙන්වි
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ.. සිතා ගන්නට බෑ..
ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ..
ඔබේ සෙවණැල්ලයි.. ඔබේ සෙවණැල්ලයි..
ගතින් ඉන්නට නැතත් ළංවි
සිතින් යන්නට එපා වෙන්වි
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ.. සිතා ගන්නට බෑ..
ඔබේ ඇසුරින් යළි උපන්නෙමි
ඔබේ දැකුමින් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ ..
ඔබේ හසරැල්ලයි.. ඔබේ හසරැල්ලයි..
ගතින් ඉන්නට නැතත් ළංවි
සිතින් යන්නට එපා වෙන්වි
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ.. සිතා ගන්නට බෑ...