කඳුළු පොදක් ඔබ දෑසේ Lyrics
කඳුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ..
මා වෙළුණා ඔබ සුරතේ..
කඳුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ..
මා වෙළුණා ඔබ සුරතේ..
හද මත් කල මදිරාවේ
ඔබ සතපා හැම යාමේ
දිවි ගමනේ මිණි පහනේ
සේසත වී සෙනෙහේ
සේසත වී සෙනෙහේ
කඳුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ..
මා වෙළුණා ඔබ සුරතේ..
අත්වැල වී දිවි දෑලේ
සැනහී එකම කැදැල්ලේ
පිපි කුසුමයි සිත් යායේ
මන්මත් වී සුගන්දේ
මන්මත් වී සුගන්දේ
කඳුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ..
මා වෙළුණා ඔබ සුරතේ..
කඳුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ..
මා වෙළුණා ඔබ සුරතේ...