මගේ දින පොතේ හී

mage dina pothe hi ada re liyanne

Chandralekha Perera
මගේ දින පොතේ හී Lyrics

මගේ දින පොතේ හී.. අද රෑ ලියන්නේ
මගේ දින පොතේ හී.. අද රෑ ලියන්නේ
අප පෙම්‌ කතාවේ.. අවසානයයි
ඔබ නේනදා හෙට මා.. මනමාලියයි
මගේ දින පොතේ හී.. අද රෑ ලියන්නේ

කවදාක හෝ.. එකතැන්‌ වෙලා..
සුව හා සුසුම්‌.. සමසේ දරා..
අත්වැල්‌ බැඳන්‌.. යමු ජීවිතේ..
ඒ කී වදන්‌.. බොල්‌ හීනෙකී..

මගේ දින පොතේ හී.. අද රෑ ලියන්නේ
අප පෙම්‌ කතාවේ.. අවසානයයි
ඔබ නේනදා හෙට මා.. මනමාලියයි
මගේ දින පොතේ හී.. අද රෑ ලියන්නේ

පාසැල්‌ සමේ.. අපි දෙන්නගේ. .
නම්‌ කුරුටු ගෑ.. කඩදාසි ඒ...
ගිනි අවුළුවා.. නටබුන්‌ පෙමින්‌..
අපි වෙන්වෙමු.. දෛවේ ලෙසින්‌..

මගේ දින පොතේ හී.. අද රෑ ලියන්නේ
මගේ දින පොතේ හී.. අද රෑ ලියන්නේ
අප පෙම්‌ කතාවේ.. අවසානයයි
ඔබ නේනදා හෙට මා.. මනමාලියයි
මගේ දින පොතේ හී.. අද රෑ ලියන්නේ...

Video thumbnail