නීල නුවන් යුග කවියක් විය ඔබගේ Lyrics
නීල නුවන් යුග කවියක් විය ඔබගේ..
පන්හිඳ තුඩගේ පැටලි
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලිතුඩගේ දැවටී
පිනිදිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ..
පිනිදිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ..
ඇයගේ දෑසින් කියවූ කවියද මුමුණන්නේ..
තනිවී
නීල නුවන් යුග කවියක් විය ඔබගේ...
පන්හිඳ තුඩගේ පැටලි
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලිතුඩගේ දැවටී
රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
දේදුනු සායම කලතා..
රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
දේදුනු සායම කලතා..
ඇගේ හදේ දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ..
තනිවී
නීල නුවන් යුග කවියක් විය ඔබගේ..
පන්හිඳ තුඩගේ පැටලි
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලිතුඩගේ දැවටී...