රූප සොබාවට හිත වහ වැටුණට

roopa sobawata hitha waha watunata

Chandralekha Perera
රූප සොබාවට හිත වහ වැටුණට Lyrics

රූප සොබාවට.. හිත වහ වැටුණට
ආල කතා.. නොකියන්ඩ හොඳා..
ගාඩි ළඳකි මම.. අවසර පින්කඳ
ඩිංගක්‌ හිත වාවන්ඩ හොඳා..

රූප සොබාවට.. හිත වහ වැටුණට
ආල කතා.. නොකියන්ඩ හොඳා..
ගාඩි ළඳකි මම.. අවසර පින්කඳ
ඩිංගක්‌ හිත වාවන්ඩ හොඳා..

පාන හිනාවට.. කීරි ගැහෙන හිත
තහංචි වැට ළඟ වැළපෙන්නේ..
හීන කුලේ මම කොහොමදැ දෙයියෝ
ඔය ලෙන්ගතුකම ඉවසන්නේ

රූප සොබාවට.. හිත වහ වැටුණට
ආල කතා.. නොකියන්ඩ හොඳා..
ගාඩි ළඳකි මම.. අවසර පින්කඳ
ඩිංගක්‌ හිත වාවන්ඩ හොඳා..

කරකවනා තද තැටිය උරුම වුණ
ෂලලල ෂා.. ෂලලල ෂා..
ගාඩි රැහේ මායිම පැනලා
ෂලලල ෂා.. ෂලලල ෂා.. ෂා..
කවදා කොතැනක පැහෙයි දෝ අප
තහංචි වැට කොටු බිඳ වැටිලා

රූප සොබාවට.. හිත වහ වැටුණට
ආල කතා.. නොකියන්ඩ හොඳා..
ගාඩි ළඳකි මම.. අවසර පින්කඳ
ඩිංගක්‌ හිත වාවන්ඩ හොඳා..

රූප සොබාවට.. හිත වහ වැටුණට
ආල කතා.. නොකියන්ඩ හොඳා..
ගාඩි ළඳකි මම.. අවසර පින්කඳ
ඩිංගක්‌ හිත වාවන්ඩ හොඳා..

Video thumbnail