අම්මා ජීවන උයන්තෙරේ

amma jeewana uyan there

Chandrasena Hettiarachchi
අම්මා ජීවන උයන්තෙරේ Lyrics

අම්මා....ජීවන උයන්තෙරේ
ඔබ මට සුවය ගෙනේ..

අම්මා....ජීවන උයන්තෙරේ..
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ..
ඔබ මට සුවය ගෙනේ..

අම්මා.. ජීවන උයන්තෙරේ..

සඳ වතුරින්‌ නොව රුහිරෙන්ම දියකොට
අමිල වු සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිලිහී වියළුණු පුතු ලොව
මවුනි ඔබේ කිරි දියෙන්‌ තෙමනු මැන

අම්මා.. පීවන උයන්‌තෙරේ..
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ..
ඔබ මට සුවය ගෙනේ..

අම්මා.. ජීවන උයන්තෙරේ..

කඳුළින්‌ ඉපදී කඳුළෙන්ම මියැදෙන
රණ මඩලේ මිණි පහනක්‌ වනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුලට ගෙන නිබඳ සරනු මැන

අම්මා.. පීවන උයන්‌තෙරේ..
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ..
ඔබ මට සුවය ගෙනේ..

අම්මා.. පීවන උයන්තෙරේ...

Video thumbnail