දුර ඈත අතීතයේ Lyrics
දුර ඈත අතීතයේ.. ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග.. ආයෙත් එන්නට
අප පෙම.. බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ.. ඔබ හා ඇවිද ගොසින්
බොළඳ සිහිනයකි.. මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු .. නොවනු ඇති
ආසයි එනමුදු.. නැවත දකින්නට
ඒ සිහිනේ.. සැරිසරමු අපි..
දුර ඈත අතීතයේ.. ඔබ හා ඇවිද ගොසින්
ඔබෙ සිත මා සිත.. දෙලොවක රැඳුණා
නොසිතූ නොපැතූ.. ලෙසින් ගැටී
එනමුදු තාමත්.. සිහින මැවෙනවා
මතකය හදවත.. පතුලේ රැඳී..
දුර ඈත අතීතයේ.. ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග.. ආයෙත් එන්නට
අප පෙම.. බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ.. ඔබ හා ඇවිද ගොසින්