මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ Lyrics
මල් මල් විලේ.. රොන් සොයා.. ඇයි ගියේ..
ඇයි මේ තරම්.. වේදනා.. ආදරේ..
සුසුමක් වුණේ ඇයි.. අපගේ සෙනේ..
කඳුළක් වුණා ඔබ.. මගෙ ජීවිතේ..
මල් මල් විලේ.. රොන් සොයා.. ඇයි ගියේ..
ඇයි මේ තරම්.. වේදනා.. ආදරේ..
සඳ තාරකා මල්.. පිපෙනා රැයේ..
රිදවුම් ගෙනේ සිත.. රෑ තුන්යමේ..
හද සෝ සුසුම් වැල්.. ඔබ හට ඉතින්..
මතුදා ගෙනේවා.. සැනසුම් පවන්..
මල් මල් විලේ.. රොන් සොයා.. ඇයි ගියේ..
ඇයි මේ තරම්.. වේදනා.. ආදරේ..
නොපැතූ ලෙසේ මා.. නොසිතු ලෙසේ..
මා හැර ගියා නම්.. ඔබ මේ ලෙසේ..
මගෙ මේ සුසුම් වැල්.. ඔබ හට ඉතින්..
මතුදා ගෙනේවා.. සැනසුම් පවන්..
මල් මල් විලේ.. රොන් සොයා.. ඇයි ගියේ..
ඇයි මේ තරම්.. වේදනා.. ආදරේ..
සුසුමක් වුණේ ඇයි.. අපගේ සෙනේ..
කඳුළක් වුණා ඔබ.. මගෙ ජීවිතේ..
මල් මල් විලේ.. රොන් සොයා.. ඇයි ගියේ..
ඇයි මේ තරම්.. වේදනා.. ආදරේ..