යෙහෙලියක සේ සොයුරියක සේ

yeheliyaka se soyuriyaka se

Chandrasena Hettiarachchi
යෙහෙලියක සේ සොයුරියක සේ Lyrics

යෙහෙලියක සේ.. සොයුරියක සේ
ඔබ කියන අයුරින්‌..
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම්‌ කඳුළු දෑසින්‌

යෙහෙලියක සේ.. සොයුරියක සේ
ඔබ කියන අයුරින්‌..
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම්‌ කඳුළු දෑසින්‌

ඇඳින ගත්තේ අප උනුන්‌.. පෙම්වතුන්‌ වීමෙන්‌
අප උපන්නේ ඒ දිනේ.. ප්‍රේමයේ නාමෙන්‌
ඉතින්‌ කෙලෙසද මා බලන්නේ.. ඔබ දිහා එලෙසින්‌
යෙහෙලියක සේ.. සොයුරියක සේ පෙම් කඳුළු දෑසින්‌

යෙහෙලියක සේ.. සොයුරියක සේ
ඔබ කියන අයුරින්‌..
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම්‌ කඳුළු දෑසින්‌

ඔබම ඔබෙ සිත රවටමින්‌.. අහක බැලූ දවසේ
ඔබ ඉවත හල මා අදත්‌.. හඬමි පෙම්‌ පියසේ
ඉතින්‌ කෙලෙසද මා බලන්නේ.. ඔබ දිහා එලෙසින්‌
යෙහෙලියක සේ.. සොයුරියක සේ පෙම් කඳුළු දෑසින්‌

යෙහෙලියක සේ.. සොයුරියක සේ
ඔබ කියන අයුරින්‌..
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම්‌ කඳුළු දෑසින්‌
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම්‌ කඳුළු දෑසින්‌...

Video thumbnail