ඉගිල්ලිලා යන්න යං.. කෝ පිහාටු නෑ අනේ
මූදු හතේ යන්න යං.. රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යං.. ඉහට ඔටුනු නෑ අනේ..
අහංකාර විලම්බීත ඇයි..
ඉරු දේවයා.. වැඩියොත් තමා..
බොල්පිනි කැට සැඟවී යන්නේ..
සඳ දේවයා.. වැඩියොත් තමා..
ගන අඳුරේ පාළුව මැකුණේ..
රාජ මාළිගේ.. පොඩි පැල්පතේ..
මිනිසුන්මය ඉපදී ඉන්නේ..
ඒ කාරණා.. නොදනී මෙදා..
ඇයි නොමිනිස්කම් මතුවන්නේ..
ඉඉගිල්ලිලා යන්න යං.. කෝ පිහාටු නෑ අනේ
මූදු හතේ යන්න යං.. රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යං.. ඉහට ඔටුනු නෑ අනේ..
අහංකාර විලම්බීත ඇයි..
අද ඉන්නවා.. හෙට යාවීදෝ..
නෑ ඒ බව කිසිවකු දන්නේ..
මහ සත් මහල්.. මැදුරන් පවා..
මහ පොළවයි උරුමය වෙන්නේ..
මත භේදයෙන්.. අමනාප කම්..
ඇයිදෝ දිගටම ගෙන යන්නේ..
අපි යාළුවෝ.. අපි යෙහෙළියෝ..
නෑ නෑ අපි තරහා වෙන්නේ..
ඉගිල්ලිලා යන්න යං.. කෝ පිහාටු නෑ අනේ
මූදු හතේ යන්න යං.. රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යං.. ඉහට ඔටුනු නෑ අනේ..
අහංකාර විලම්බීත ඇයි..