පන්සලේ පල්ලියේ.. දහදියෙන් අපි තැනූ
පිළිම දාගැබ් පෙනේ.. ලෝකයක් දණ නැමූ
පන්සලේ පල්ලියේ.. දහදියෙන් අපි තැනූ
පිළිම දාගැබ් පෙනේ.. ලෝකයක් දණ නැමූ
ඒ අපේ ශක්තියයි.. ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ.. වන්දනා ලබන්නේ..
මේ බවක් තේරුණේ.. නැති කමින් ලෝකයේ
නැති කමයි රජ වුණේ දුක් නොවව් මිනිසුනේ..
මේ බවක් තේරුණේ.. නැති කමින් ලෝකයේ
නැති කමයි රජ වුණේ දුක් නොවව් මිනිසුනේ..
හෙට වුණත්.. නෑ පමා.. පණ පොවා ජීවිතේ
රළ පෙළක්.. සේ නැගෙව්.. මියැදුණත්.. හාමතේ..
වීරියෙන් රට නැගූ.. දහදියෙන් බිම තෙමූ
ජීවිතේ වේදනාවෙන් සදා කල් ගෙවූ..
වීරියෙන් රට නැගූ.. දහදියෙන් බිම තෙමූ
ජීවිතේ වේදනාවෙන් සදා කල් ගෙවූ..
මිනිසුනේ.. හදවතේ.. ලේ වලින් පණ ලැබූ
පරපුරක්.. බිහි කරව්.. මාවතේ.. තනි නොවූ..
පන්සලේ පල්ලියේ.. දහදියෙන් අපි තැනූ
පිළිම දාගැබ් පෙනේ.. ලෝකයක් දණ නැමූ
පන්සලේ පල්ලියේ.. දහදියෙන් අපි තැනූ
පිළිම දාගැබ් පෙනේ.. ලෝකයක් දණ නැමූ
ඒ අපේ ශක්තියයි.. ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ.. වන්දනා ලබන්නේ
ඒ අපේ ශක්තියයි.. ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ.. වන්දනා ලබන්නේ...