මලකුත්‌ තිබුණා හැඟුමන්‌ හංගා

malakuth thibuna haguman hanga

Chitral Somapala
මලකුත්‌ තිබුණා හැඟුමන්‌ හංගා Lyrics

මලකුත්‌ තිබුණා හැඟුමන්‌ හංගා
එය හඳුනාගත්‌ බඹරෙකු රිංගා..
වෑකුළු උයනේ.. දොරගුලු බින්දා
පෙම රසයි රසයි.. රහසින්‌ හංගා..

මලකුත්‌ තිබුණා හැඟුමන්‌ හංගා
එය හඳුනාගත්‌ බඹරෙකු රිංගා..
වෑකුළු උයනේ.. දොරගුලු බින්දා
පෙම රසයි රසයි.. රහසින්‌ හංගා..

නෑඹුල්‌ නූනූ.. එනමුදු නුහුරූ.. වත අමයුරූ..
මනදොල පිරුණු.. නුරසර මුසුවූ.. ගීයකි මියුරූ..
නිසලුම්‌ බිඳලූ.. හදවත්‌ එකලූ.. ප්‍රේමය සොඳුරූ..
දසතේ පවුරූ.. රහසින්‌ හංගා..

සසරක යන වග.. දැනගත යුතු මග.. කොතැනද ඉම..
දැනුණත්‌ නොදැනී.. හැඟුනත්‌ නොහැඟී.. ඉමු අපි අද වී..
සෙනෙහෙන්‌ ඉපිලී.. හැඟුමන්‌ ඉතිරී.. ප්‍රේමය රස වූ..
දසතේ පවුරූ.. රහසින්‌ හංගා..

මලකුත්‌ තිබුණා හැඟුමන්‌ හංගා
එය හඳුනාගත්‌ බඹරෙකු රිංගා..
වෑකුලු උයනේ.. දොරගුලු බින්දා
පෙම රසයි රසයි.. රහසින්‌ හංගා..
රහසින්‌.. හංගා..

හ්ම්...

Video thumbnail